අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ලීසා එම් සම්රා විසින් රචිත ලිපි

පොත කියවා ප්‍රීතිවන්න

“සුන්ඩෝකු”. මට සෑම විටම අවශ්‍ය වී තිබූ වචනය එයයි. එය ජපන් වචනයකි. එහි අර්ථය ඇඳ අද්දර කියවීමට තබා තිබෙන පොත්ය. ඉගෙනීමට හැකියාව තිබෙන නැතිනම් වෙනත් කාලයකට හෝ ස්ථානයකට හෝ අපව ගෙන යන පොත්ය. එම පිටුවල ඇති සන්තෝෂයන් සහ අවබෝධයන් දැන ගැනීමට මම ආශා වීමි. එම නිසා ඒවා පොත් ගොඩේ තිබේ.

පොතක් තුළින් ප්‍රීතිය සහ උපකාරය ලබන අදහස පුස්ථකයන්ගේ පුස්ථකය වන…

සැමවිට ඇති අභිමුඛය

2018 ලෝක කුසලානය අතර තුර පෝලන්තයට එරෙහිව කොලොම්බියානු ඉදිරිපෙළ ක්‍රීඩක රදමෙල් ෆැල්කාඕ දහහත්වන විනාඩියේදී ගෝලයක් ලබාගත්තේය. ඒහෙයින් ඔවුන්ට ජය ලැබුණි. ඒ අනර්ඝ ගෝලය ජාත්‍යන්තර තරඟවලදී ඔහු ලබා ගත් තිස්වන ගෝලයයි. ජාත්‍යන්තර තරඟවලදී කොලොම්බියානු ජාතිකයෙක් ලබාගත් වැඩිම ගෝල සංඛ්‍යාවට ඔහු හිමිකම් කියන්නේය.

ෆැල්කාඕ තම ඇදහිල්ල ප්‍රකාශ කිරීමට පාපන්දු පිට්ටනිය භාවිතා කරයි. සෑම ගෝලයකට පසු ඔහු තම ජර්සිය ඔසවා යට ඇති කමිසයෙහි…

කිසි දිනෙක අමතක නොවේ

පියානෝ වාදනයේ මූලධර්ම මා දන්නා බවට ඔප්පු කරන්න යැයි මාගේ දරුවෝ මට ඇවිටිලි කළ නිසා මම වාඩිවී “සී” තනුව වාදනය කිරීමට ආරම්භ කළෙමි. දශක දෙකක පමණ කාලයක් පියානෝ වාදනය නොකළද මට මතක තිබීම ගැන මම පුදුම වීමි. මා ධෛර්යමත්වී තවත් තණු සතක් පමණ කට පාඩමින් වාදනය කළෙමි. වසර ගණනක පුහුණුව මාගේ ඇඟිලිවල මතකයට මුද්‍රා කර තිබුණි. කරන්නේ කුමක්දැයි ඇඟිලි ක්‍ෂණිකව…

මේ මමය

“ශ්‍රේෂ්ඨ චිත්‍රකරු” යන ගී නළුවේ ඇති බලවත් ගීයක් වන්නේ “මේ මමය” යන ගීතයයි. එය පදනම් වී ඇත්තේ පී. ටි. බාර්නුම් සහ ඔහුගේ සර්කස් කණ්ඩායමේ කථාවයි. සමාජ නීතිවලට පටහැනි නිසා ඔවුන් අත්දකින වාචික අපහාස ගැන නළුවෝ ගායනා කරති. වචන විනාශකාරී වෙඩි උණ්ඩ සහ නොමැකෙන කැලල් තබා යන පිහි පාරවල් සේ ඉන් පෙන්නුම් කරන්නේය.

ගීතයේ ජනප්‍රියතාවය පෙන්නුම් කරන්නේ බොහෝ සෙනගක් යුධායුධ වැනි…

කිසි නපුරකට බිය නොවන්නෙමි

1957 මෙල්බා පැටිල්ලෝ බීල්ස් “කුඩා පර්වත නවය” යන කණ්ඩායමට තෝරා ගන්නා ලදී . අර්කන්සාස්හි ලිට්ල් රොක් නැමැති නගරයේ ද්වීථිය පාසැලකට ඇය සමග නවයක කණ්ඩායමක් තෝරා ගැණුනි. එය ඊට ප්‍රථම සුදු ජාතික සිසුන්ට පමණක් සීමාවී තිබුණි. 2018 දී ඇගේ නිබන්ධයක ඇය ලීවේ “මම බිය නොවෙමි. මගේ කථාව නම් ජීවිත කාලයේම ගිනි යට ඇදහිල්ල ගොඩ නැගීමකි” යනුවෙනි. පහළොස් වියැති ශිෂ්‍යාවක ලෙස ඇය…

සේවක හදවත

කෝකියා, උත්සව සංවිධායක, පෝෂණ විශේෂඥ, සාත්තු සේවිකාව. මේ නූතන මව්වරුන් ක්‍රියාත්මක කරන වගකීම් වලින් සමහරකි. 2016 දී පර්යේෂණ තක්සේරු කළේ මව්වරුන් දරුවන් සම්බන්ධ වැඩ කටයුතුවල සතියකට පැය 59 සිට 96 දක්වා නියැලෙන බවය.

මව්වරුන් සෑම විටම වෙහෙසවී සිටීම පුදුමයක් නොවේ. මවෙකු වෙනවා කියන්නේ බොහෝ කාලය සහ ශක්තිය දරුවන් වෙනුවෙන් දීමය. ඒ ලෝකය ජය ගැනීමට දරුවන්ට බොහෝ උපකාර අවශ්‍ය නිසාය.

මාගේ…

ජයග්‍රාහී පෙරහැර

2016 හි චිකාගෝ බේස්බෝල් කණ්ඩායම වසර සියයකට පසුව ලෝක තරඟාවලිය ජයගත් විට සමහර මූලාශ්‍රවලට අනුව එම ජයග්‍රහණය සැමරීමට මිලියන පහක් පමණ සෙනග පෙරහැරට එකතු වූන අතර නගර මධ්‍යයෙහි රැළියකටද ඔව්හු සහභාගී වූහ.

ජයග්‍රාහී රැළි නූතන සොයා ගැනීමක් නොවේ. ප්‍රසිද්ධ පුරාණ පෙරහැරක් නම් රෝමානු සැමරීමයි. ජයග්‍රාහී හමුදාපතීන් සෙනග පිරි මාර්ගවල තම හමුදා සහ සිරකරුවන් පෙරහැරේ ගෙන ගියෝය.

කොරින්ති සභාවට ලියන විට…

බෝලිං ක්‍රීඩාවේ කොට

මා මිත්‍ර එරීන්ගේ වළළු කරෙහි බෝලයක් වැදී කොට එකිනෙක වැටෙන ආකාරය දැක්වෙන පරිදි පච්ච කොටා තිබේ. එය මට කුතුහලයක් ඇති කළේය. සාරා ග්‍රෝව්ගේ ගීතයක් වන “කොට නැවත තැබීම” යන්නෙහි භාවිතා කර තිබු වචන මාලාව නිසා අසන්නෝ නැවත නැවත දේවල් කිරීමෙන් සතුට ලබා ගත්හ. කොට නැවත නැවත කෙළින් අතට තැබූ පසු තව අයෙක් එය වට්ටවන්නේය.

රෙදි සේදීම, ඉවීම, තණකොළ කැපීම වැනි…

බයිබලීය ඖෂධ වට්ටෝරුව

ග්‍රෙග් සහ එලිසබෙත් පාසැල් වියේ සිටින තම දරුවන් සමග සතිපතා “හාස්‍ය රාත්‍රීයක්” ගත කරති. එකිනෙක දරුවන් තමන් කියවූ හෝ අසා ඇති හෝ (තමන්ම සෑදු) විහිළුවක් ගෙන එන්නේ රාත්‍රී ආහාර ගැනීමේදී බෙදා ගැනීමටය. මේ සිරිත කෑම මේසය වටේ බොහෝ ප්‍රීතිමත් මතකයන් නිර්මාණය කර තිබේ. සිනහව තම දරුවන්ගේ සෞඛ්‍යයට හොඳ බව එලිසබෙත් සහ ග්‍රෙග් සොයා ගෙන තිබේ. එය අසීරු දවස්වලදී ඔවුන්ගේ ආත්මය…

සෝදා පවිත‍්‍රකර

මට එය විශ්වාස කිරීමට නොහැකි විය. නිල් ජෙල් පෑනක් මාගේ සුදු තුවා වල සැඟවී තිබුණි. රෙදි සෝදන විට එයට කිසිවක් නොවීය. නමුත් වේලන යන්ත‍්‍රයේදී එය පිපිරී සැම තැනම නිල් වර්ණය ගෑවී තුවා කැත විය. මාගේ සුදු තුවා විනාශ විය. කෙතරම් සේදීම් කුඩු යෙදුවද ඒවා ඉවත් නොවීය.

මා ඒවා අකමැත්තෙන් කුණු කූඩයට දමන විට මට මතක් වූයේ පරණ ගිවිසුමේ අනාගතවක්තෘ යෙරෙමියාගේ…